ක්ෂුද්‍ර මූල්‍ය කරණය පිලිබදව සරලව.....
ක්ෂුද්‍ර මූල්‍ය කරණය යනු දිළිඳු බව අවම කිරීම
සදහා බාවිතා කල හැකි හොද සංවර්ධන මෙවලමකි. එම නිසාවෙන් ලෝකයේ සංවර්ධනය වෙමින්
පවතින රටවල ක්ෂුද්‍ර මූල්‍ය කරණය ප්‍රචලිතය. ක්ෂුද්‍ර මූල්‍ය කරණය රටෙහි පවතින ආර්ථික රටාව මෙන්ම
ක්ෂුද්‍ර මූල්‍ය අයතනයන්හි දැක්මට අනුව එකිනෙකට වෙනස් වන නිසා මේ සදහා වන නිර්වචනය
නිශ්චිතව විග්‍රහ කිරීම අපහසුවේ.
එහෙත්
සරලව සලකූ කල ක්ෂුද්‍ර මූල්‍ය කරණය යනු ණය සමග වූ සේවාවන් ලෙස හැදින්විය හැක.
අරම්භයේදී ක්ෂුද්‍ර මූල්‍ය කරණය දුප්පතුන් සදහා වන මූල්‍ය සේවාවන් ලෙස අර්ථ
ගන්නුවද වර්තමානය වනවිට එය ක්‍රමිකව වෙනස් වෙමින් මූල්‍ය අවශ්‍යතාවයන් සහිත පිරිස් සදහා වන මූල්‍ය
සේවාවන් ලෙස අර්ථ ගැන්වීමට පටන්ගෙන ඇත. එයට ප්‍රදානම හේතුව ලෙස පාදක වී ඇත්තේ,
ක්ෂේත්‍ර මට්ටමින් පවතින දැඩි තරග කාරීත්වය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තම සේවාවන්
ආකර්ශනීය ලෙස වියාප්ත කිරීම සදහා ඔවුන්ද ආයතනික වශයෙන් තිරසරික මට්ටම කර ලගාවීමට
සිදු වීමයි. මෙම කරුණු සියල්ල එක්ව සලකූ
කල ප්‍රයෝගිකව් පවතින ත්වත්වය හමුවේ, ප්‍රදාන බැංකු ප්‍රවාහයට ලං වීමට අපහසු, එහෙත්
මූල්‍ය සේවාවන්හි අවශ්‍ය තාවය පවතින පිරිස් සදහා වන ණය සමග වූ සේවාවන් ලෙස ක්ෂුද්‍ර
මූල්‍ය කරණය හැදින්විය හැකිවේ.
එමෙන්ම තවත් විශේෂිත කරනය වනුයේ, බොහෝ ආයතන තම
සේවාවන් ඉතා දුප්පත් පිරිස් වෙත වියාප්ත කිරීමට දක්වන මැලිකමයි. ඔවුන්ගේ ප්‍රදාන
ඉලක්කය බවට පත්ව ඇත්තේ යහපත් මූල්‍ය ශක්තියක් පවතින ප්‍රධාන ප්‍රවාහය ආසන්නයේ
ජීවත් වන පිරිස් සදහා වේ.
වත්මනේ පවතින තත්වය හමුවේ සිදුව ඇති අවාසනාවන්තම
සිදුවීම වනුයේ, බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමාජ සේවා මානසිකත්වයෙන් ඔබ්බට ගොස්
ලාභ ඉපයීමේ ප්‍රවනතාවන් සදහා නැබුරු වීමයි. සරල පැවසුවා හොත් මුදල් විකුනා මුදල්
ඉපයීමයි.
BUT WE CAN DO IT DIFFERENT WAY.... THINK BIG >>>>